මෙරට ඇතැම් ස්ථානවල ඇතැම් කණ්ඩායම් දේශපාලනික උත්තේජනය මත රටේ ජාතිවාදී කෝලහාලයක් ඇති කිරීම සඳහා විවිධ උත්සාහයන්හි නිරත වන බවට මෙරට බුද්ධි අංශ සඳහන් කර තිබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
එවැනි තත්ත්වයක් රටේ ඇති කිරීම සඳහා කිසිදු ආකාරයකින් ඉඩ ලබා නොදෙන බව ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර කුරුන්දි විහාරයේ ප්‍රශ්නයක් ඇති කිරීම සඳහා කතෝලික බැතිමතකු විශාල උත්සාහයක නිරත වන බවට නිරීක්ෂණය වී තිබෙන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,
" ශ්‍රී ලංකාවෙහි යළිත් ජාතිවාදී කෝලහාල ඇතිවන තත්ත්වයක් ගැන ප්රවෘත්ති කිහිපයක් පළ වුණා. මේ සම්බන්ධයෙන් විපක්ෂනායක තුමාත් උදේ ප්‍රශ්න කිරීමක් කළා. අපිට කිසිදු බුද්ධි අංශයකින්, ආයතනයකින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ ජාතිවාද කෝලහල සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ වන විට ලැබිලා නෑ.
මේක මම වගකීමෙන් කියනවා. ඒත් අපේ බුද්ධි අංශ දැනට මේ රටේ සමහර තැන් වල, සමහර කණ්ඩායම් දේශපාලනික උත්තේජනය උඩ මේ රටේ ජාතිවාදී කලබලයක්, කරදරයක්, කෝලහාලයක් ඇති කරන්න විවිධ උත්සාහයන් ගන්නා බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. ඒ කණ්ඩායම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සහ රජය අවධානය යොමු කර තියෙනවා.
මානල්කුඩිඉරිප්පු, මුලතිවු ලිපිනයේ පදිංචි ඇන්තනි ජෙගනාදන් පීටර් ඉලංචේලියන් කියන පුද්ගලයා කුරුන්දි විහාරය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන කෙනෙක්. ඔහු කතෝලික බැතිමතෙක්. ඔහුට මෙතන තියෙන ප්රශ්නය මොකක්ද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒත් මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න ඔහු විශේෂ උත්සාහයක් ගන්නා බව අපිට නිරීක්ෂණය වෙනවා.
මේ ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කරන්න ගන්න උත්සාහය ගැන අපි කණගාටු වෙනවා. එවැනි තත්ත්වයක් මේ රටේ ඇතිවෙන්න ආරක්ෂක අංශ, බුද්ධි අංශ, පොලීසිය ඇතුළු රජය කිසිදු ආකාරයකින් අපි ඉඩ ප්‍රස්තාව ලබලා දෙන්නේ නෑ." යනුවෙන් සඳහන් කළේය.